මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්

පෙබ 13, 2024
    ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වන බවත් ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන් කරන බවත්ය.

    මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

    Latest News