පැටී මිනීට ආදරය කරයිද ?

පෙබ 07, 2024

    රිතික් රෝෂන් සහ දීපිකා පදුකෝන් පළමු වරට එකම චිත්‍රපටයක රංගනයේ යෙදෙන අයුරු දැක බලාගන්නට සුවහසක් රසිකයින්ට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

    ඒ සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කළ ෆයිටර්ස් චිත්‍රපටය හරහායි.

    ඉන්දීය ගුවන් හමුදා මූලස්ථානයකට පහර දීමට උත්සාහ දරන ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව සටන් කරන එයා ඩ්‍රැගන් නැමති අති දක්ෂ ඉන්දීය ගුවන් නියමු කණ්ඩායමක් සිය පෞද්ගලික හැඟුම් පවා සඟවාගෙන යුද්ධය ජය ගන්නට දරන උත්සාහය මෙම සිනමා පටයෙන් නිරූපනය වනවා.

    රිතික් හා දීපිකා බලඝණයේ නායකයන් ලෙස කටයුතු කරන අතර මිනී (දීපිකා) පැටීට (රිතික්) ආදරය කරන මුත් පැටී සිය පෙම්වතිය අහිමිවීමෙන් ඇති වූ සිත් තැවුල නිසා එම හැඟුම් නොවැටහුනු අන්දමින් මෙහෙයුම සාර්ථක කරගන්නට වෙර දරනවා.

    ඉන්දීය රුපියල් කෝටි 250ක වියදමක් දරා ඇති මෙම ක්‍රියාදාම සිනමා පටය තේස්පූර් ගුවන් හමුදා කඳවුරේ මෙන්ම කාශ්මීරයේද රූපගත කිරීම් කර තිබෙනවා.

    Fighter 2024 ජනවාරි 25 තිරගත කිරීම ආරම්භ වුනා. 2024 පෙබරවාරි 6 වන විට, Fighter ඉන්දියාව තුළ රුපියල් කෝටි 201.79 (US$ මිලියන 25) උපයා ඇති අතර, විදේශයන්හි තවත් රුපියල් කෝටි 83.96 (US$ මිලියන 11) සමඟ, ලොව පුරා රුපියල් කෝටි 285.75 (US$ මිලියන 36) ක් උපයා තිබෙනවා.

     

    Latest News