යුක්තියේ මෙහෙයුමට තවත් පිරිසක් කොටු

ජන 29, 2024
    යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 579ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 257ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

    තවද සැකකරුවන් 06කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 01ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.
     
    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 18ක්ද, අත්අඩංගුවට ගත් බව සඳහන් වනවා.

    Latest News