හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

දෙසැ 08, 2023
    හැටන්-කොළඹ ඒ-7 ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්රදේශයේ විශාල පස් කන්දක් කැඩා වැටීමෙන් ප්රධාන මාර්ගයේ ගමනා ගමනය අඩාල වී තිබෙනවා.

    මේ නිසා කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියලුම වාහන කළුගල, ලක්ෂපාන, නෝටන්බ්රිජ් මාර්ගයේත්, නුවර සිට හැටන් දක්වා ධාවනය කෙරෙන සියලුම වාහන නාවලපිටිය-තලවාකැලේ මාර්ගයේත් ධාවනය කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා. මෙම ස්ථානය අවට තවත් පස්කඳු කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි වාර්තා වන්නේ.

    බලංගොඩ-හැටන් ප්රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්රදේශයේදී අද අළුයම විශාල පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

    Latest News