සිසුන්ට අද සිට පාවහන් වවුචර් පත්

දෙසැ 04, 2023
    පාසල් ළමුන් 750,000 කට පාවහන් ලබාගැනීම සඳහා අවශ්ය වචුචර් පත් ලබාදීම අද (04) දිනයේ ආරම්භ කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසනවා.

    දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා පාසල් ඉලක්ක කරගෙන මෙම වචුචර් පත් ලබාදීම සිදුකරන බවත්, එම වැඩසටහන ආරම්භ කරමින් අද දිනයේ උතුරු කොළඹ පාසල් 02 කදී වවුචර් පත් බෙදාදීම සිදුකරන බවත් අමාත්යවරයා සඳහන් කරනවා.

    මෙහිදී රුපියල් 3000 ක වටිනාකමින් යුත් පාවහන් යුගලක් මිලදී ගැනීමට හැකියාව පවතින බවයි, අමාත්යවරයා සඳහන් කරන්නේ.
     
    කිසිදු පුද්ගලයෙකුට එම චවුචර් පත් මුදල් දී ලබාගැනීමට නොහැකි බව හා ලියාපදිංචි ඕනෑම වෙළඳසැලකින් දෙසැම්බර් 09 වැනිදා දක්වා එම වවුචර් පත් සඳහා පාවහන් මිලදී ගත හැකි බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News