කෘතිම බුද්ධි රොබෝවරුන්ටත් හොද කලක් ඇවිත්

ඔක් 31, 2018

    කෘතිම බුද්ධි හා රොබෝ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට, ඉතාලිය සූදානම් වෙයි.

    ඊට අදාළ එකඟතාව පළ වූයේ, ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප් කොන්ටේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ජාවකදී. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර හමුව, නවදිල්ලි අගනුවර දී ඊයේ සිදුවිය. ඉන්දු - ඉතාලි තාක්ෂණික සහයෝගිතා සමුළුවට සහභාගීවීම සඳහා ඉන්දියාවට පැමිණි ඉතාලි අග්‍රාමාත්‍යවරයා එහි දී නරේන්ද්‍ර මෝදි හමු වී තිබේ.

    ඉතාලියේ පස්වන විශාලතම වෙළෙද සහකරු ලෙස සැලකෙන ඉන්දියාව, 2016 වසරේ දී ඉතාලිය සමග අමෙරිකානු ඩොලර් බිලියන 8.7ක වෙළෙඳ ගනුදෙනු සිදුකර තිබේ. ඉන්දියාව තුළ ක්‍රියාත්මක ඉතාලි සමාගම් සංඛ්‍යාව, 600කට අධිකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 13:29

    Latest News