නවසීලන්තයේදී විශ්වය දිනූ ලංකාවේ රැජිණ...

ඔක් 28, 2022

    පසුගියදා නවසීලන්තයේ පැවති නවසීලන්ත විවාහක රූ රැජින තරඟයේ දී Mrs. Women Universe New Zeland කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිමක්ශි (නිශී) රණතුංග සමත්විය.

    ඒ අනුව ඇය 2023 විශ්ව විවාහක රූ රැජින තරඟාවලිය සඳහා නවසීලන්තය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිතය.

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රාන්තය නියෝජනය කරමින් තරඟයට එක් වූ නිශී අධ්‍යාපනය පිළිබඳ උපාධියක් සහ ප්‍රාසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහිත ගුරුවරියකි.

    වයස අවුරුදු 4ක දියණියකගේ මවක් වන නිශී තම පවුල එකමුතුවෙන් සංකේතයක් ලෙස විස්තර කරයි.

    මීට අමතරව ඇය Best female model 2022, The best social media icon 2022 (@Asia pacific Bollywood factors) යන ජයග්‍රහණ ද නවසීලන්තයේ දී දිනා ගෙන තිබේ.

     

    nishi

    Last modified on අඟහරුවාදා, 08 නොවැම්බර් 2022 08:01

    Latest News