යොහිනිගේ ගායනය ඇතුළත් 'ෂිද්දත්' චිත්‍රපටය 01 වැනිදා ලොව පුරා තිරගත කෙරේ

සැප් 29, 2021
  • 'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් ගීතය අද (28) එළිදක්වා තිබේ.

    ඒ ලොව වැඩිම ග්‍රාහක පිරිසක් සිටින යූ ටියුබ් චැනලයක් වන T series ලේබලය යටතේයි. ඇය ගායනා කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ෂිද්දත් (Shiddat) හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනයයි (Femal Version).

    චිත්‍රපටයේ ඇතුළත් මෙම ගීතයේ මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාප් විසින්.

    යෙහානිගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

     

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 17:22

    Latest News