ඉන්දු ශ්‍රී ලංකා ගුවනේ වර්ණනීය ශක්තිය

මාර් 04, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

    ඉතා විචිත්‍රවත් ගුවන් සංදර්ශනයක් වූ එහි විශේෂ අවස්ථා අන්තර්ගත විය. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ. පහතින් එම අවස්ථාවේ දුර්ලභ ඡායාරුප රැසක් නැරඹිය හැකියි.

    මෙම ගුවන් සංදර්ශනය මාර්තු 04 සහ 05 යන දිනවල ප.ව 5.00 සිට 6.00 දක්වා ද පැවැත්වේ.

    ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් හා හෝක් (HAWK) ජෙට් යානා 14ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සෙස්නා 150, වයි - 12, බී - 200, එම්ඒ - 60 සහ එෆ් - 7 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 24කින් සංදර්ශනය වර්ණවත් විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී විය.

     

    SRI LANKA INDIA AIR SHOW 01

     

    SRI LANKA INDIA AIR SHOW 02

     

    SRI LANKA INDIA AIR SHOW07

     

    SRI LANKA INDIA AIR SHOW07

     

    SRI LANKA INDIA AIR SHOW04

     

    SRI LANKA INDIA AIR SHOW07

     

    SRI LANKA INDIA AIR SHOW 08

     

    SRI LANKA INDIA AIR SHOW 10

     

    SRI LANKA INDIA AIR SHOW 10

     

    SRI LANKA INDIA AIR SHOW 12

     

     

    SRI LANKA INDIA AIR SHOW 13

    Last modified on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 17:06

    Latest News