කසල මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය 17 ජනතා අයිතියට

පෙබ 12, 2021

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය, හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේදී මේ මස 17 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ප්‍රදේශයේ ඉවතලන කසල එක්රැස් කර එමගින් මෙම බලාගාරය ක්‍රියාත්මක කෙරේ.

    මේ ආකාරයෙන් සමස්ත දිස්ත්‍රික්කය තුළ එක්රැස් වන කසල විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගැනීම, පාරිසරික වශයෙන්ද වැදගත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මීට අමතරව දිරාපත්වන කසල යොදා ගනිමින්, බයෝගෑස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ද විදුලිබල අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 40 ක් යොදාගනිමින්, කිලෝවොට් 400 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වසරේ ඔක්තෝම්බර් මස වන විට මෙම ව්‍යාපෘතිය සක්‍රීය තත්ත්වයට පත් කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වේ.

    Latest News