නව වසර උදාව නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහයෙන් අධි තාක්ෂණය මිශ්‍ර වූ සංස්කෘතික ප්‍රසංගයක්

පෙබ 11, 2021

    නව වසර උදාව නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය, රසවත් කලා අංග සහ අධි තාක්ෂණය මිශ්‍ර වූ, 2021 වසන්ත උත්සව ප්‍රසංගය සංස්කෘතික මංගල්‍යයක් ලෙස ගෝලීය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරයි.

    නැටුම් ගැයුම්, ඔපෙරා  ඇතුළු උසස් මට්ටමේ කලා අංගයන් ගෙන් සමන්විතව 11 වැනිදා රාත්‍රී පැවති මහා පරිමාණ කලා සන්ධ්‍යාව අමෙකාව, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු 170කට වැඩි රටවල හා කලාපවල මාධ්‍ය ආයතන 600ක් පමණ සජීවී හා විවිධ අයුරින් වාර්තා කළේය.

    china 4k vedio px 900 11 02

    ප්‍රථම වරට 8K අතිශය අධි - විභේදන වීඩියෝ තාක්ෂණය ඇතුළු අධි තාක්ෂණ එහිදී භාවිතා කෙරිණ.

    අතථ්‍ය දෘෂ්‍ය ප්‍රයෝග මගින් නිර්මාණය කළ අංග ද ප්‍රසංගයට ඇතුලත් විය.

    එමෙන්ම, ප්‍රේක්ෂාගාරයේ පරිසරයද වැඩසටහනේ අවශ්‍යතාවන්ට අනුව වෙනස් කෙරුණු අතර වේදිකාවේ සීමාවන් ද අභිබවා යන මහා පරිමාණ ප්‍රසංගයක් ලෙසට එය සැලකිය හැකිය.

    AR සහ XR වැනි ජාත්‍යන්තර නවීන ඩිජිටල් දෘෂ්‍ය තාක්ෂණයන් භාවිත කරමින් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ 2021 වසන්ත උත්සව ප්‍රසංගය ගෝලීය ප්‍රේක්ෂකයින්ට නැවුම් ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක් විය.

    china 4k 2 px 900 11 02 21

     

    සටහන - මෝතිලාල් හිස්සැල්ල

                  චීනයේ බෙයිජිං නගරයේ සිට

     

    Latest News