මුදල් නැතිව QR ක්‍රමයට ඩිජිටල් ගෙවීම්

ජන 23, 2021

    මුදල් භාවිතයෙන් තොරව ලංකා QR ක්‍රමවේදය ඔස්සේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ වාසිය, පහසුව හා ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තවත් ප්‍රවර්ධන වැඩසටහනක් අද පැවැත්විණ. ඒ බත්තරමුල්ල දියත උයනේදී.

    රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ, එම ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරයි. ලංකා QR යනු ශ්‍රී ලංකාවේ මූල්‍යායතන භාවිත කරන QR කේතයන් මූලික කර ගත් වේගවත් හා ආරක්ෂිත ඩිජිටල් ගෙවිම් ක්‍රමවේදයක්.

    ගනුදෙනුකරුට ලංකා QR හා සම්බන්ධ කර ඇති ඕනෑම ජංගම දුරකථන යෙදවුමක් මගින් සිය බැංකු ගිණුමෙන් සෘජුව ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වෙයි. අදාළ ගෙවීම් එම මොහොතේම මුදල් ලබන්නාගේ ගිණුමට යොමු වනු ඇති.

    ඒ සඳහා ගනුදෙනුකරු සිදු කළ යුතු වන්නේ, සිය ගෙවීම් යෙදවුම විවෘත කොට ව්‍යාපාරික ස්ථානයේ ඇති QR කේතය ස්කෑන් කිරීම පමණයි. ඒ ‍මොහොතේම කෙඩි පණිවුඩයක් ව්‍යාපාරිකයා වෙත යොමු වෙයි.

    Latest News