ටයිම් සඟරාව 2020 ‘වසරේ පුද්ගලයා‘ - බයිඩන් සහ හැරිස්

දෙසැ 13, 2020

    ජාත්‍යන්තර ටයිම් සඟරාව 2020 ‘වසරේ පුද්ගලයා‘ - 2020 person of the year ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් නම් කර තිබේ.

    ඒ අනූව මෙවර ටයිම් සඟරාවේ කවරය සැරසී තිබෙන්නේ ඇමරිකාවේ අනාගත ජනාධිපතිවරයාගේ සහ උප ජනපතිනියගේ රුවෙන්.

    ටයිම් සඟරාවේ එයට දැක්වෙන හේතු පාඨය මෙසේ වේ.

    ‘‘ජෝ බයිඩන් සහ කමලා හැරිස් එක්ව එක අවස්ථාවකින් නව්‍යකරණය සහ ප්‍රතිසංස්ථාපනය ගෙන ආහ. ඇමරිකාව, ඔවුන් විසින් විකුණමින් සිටි දෙයම මිලදී ගත්තේය. එනම්, සියවසක් තුළ වාර්තා වන වැඩිම ඡන්ද ප්‍රතිශතය සමගින් ඔවුහු ඡන්ද මිලියන 81 ක් ලබාගත් අතර, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් තිබේ. මේ අනුව ට්‍රම්ප් විසින් බැට්ල්ග්‍රවුන්ඩ් ජනපද 5 ක ලබාගත් ඡන්ද මිලියන 7 සීමාව ද ඔවුන් විසින් ඉක්මවා ගොස් තිබේ.‘‘

    78 හැවිරිදි ජෝ බයිඩන්, 2021 ජනවාරි 20 දා පදවි ප්‍රාප්තියට පත් වන්නේ ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනපතිවරයා ලෙස ය.

    මේ සමගම කමලා හැරිස් ඇමරිකානු ඉතිහාසයේ උප ජනපතිනිය බවට පත් වන පළමු කාන්තාව, පළමු කළු ජාතිකයා සහ ආසියානු සම්භවයකින් යුක්ත ප්‍රථමයා බවට පත් වනු ඇත.

    Last modified on ඉරිදා, 13 දෙසැම්බර් 2020 11:35

    Latest News