අයිෆල් කුලුනට වඩා උස කොරල් පරයක්

නොවැ 02, 2020

    නිව්යෝර්ක්හී එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ ප්‍රංශයේ අයිෆල් කුලුන වැනි සුවිශේෂි ගොඩනැගිලි වල උස පවා ඉක්මවා යන මහා බාධක පරයේ පිහිටි කොරල් පරයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

    මීටර් 500ක උසකින් සහ කිලෝමීටර් 1.5ක පළලන් යුත් මෙම කොරල් පරය මහා බාධක පරයේ සිට කිලෝමීටර් හයක් දුරින් පිහිටා තිබෙනවා. වසර 120කට පමණ පසු සාගර පත්ලෙන් සොයා ගත් අපූරු නිර්මාණයක් ලෙසයි, මෙම කොරල් පරය හැඳින්වෙන්නේ.

    සාගර පතුලේ ගවේෂණ සඳහා යොදා ගනු ලබන රොබෝ තාක්ෂණය ඔස්සේ මෙම අපූරු නිර්මාණය සොයා ගත් බවයි, වාර්තා වන්නේ.

    ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි මහා බාධක පරය වඩාත් පුළුල් සහ දර්ශනීය පරිසර පද්ධතියක් ලෙස යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලැයිස්තුවට ද එක්කර තිබෙනවා.

    Latest News