ප්‍රංශ කෑන්ස් චිත්‍රපට උළෙලත් කල් යන ලකුණු

අප්‍රේ 15, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් මැයි 12 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත වූ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල කල් දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ.

    වාර්ෂිකව පැවැත්වෙන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ මෙම චිත්‍රපට උළෙල මැයි 12 වැනිදා සිට 23 වැනිදා දක්වා දකුණු ප්‍රංශයේ කෑන්ස් නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

    ප්‍රංශය වසාදැමීමේ කාලය මැයි 11 දක්වා දීර්ඝ කරන බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රොන් පැවසූ අතර ප්‍රසිද්ධ උත්සව ජූලි මස මැද භාගය දක්වා නොපැවැත්විය යුතු බව ද දැනුම් දී ඇත.

    Latest News