රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි මස 15 වැනිදා සිට

පෙබ 21, 2020

    බුද්ධ ශසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි මස 15 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් රඟහලේදී පැවැත්වේ.

    එහිදී පෙබරවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි මස 26 වැනිදා දක්වා දිගු නාට්‍ය ප්‍රදර්ශනය වන අතර පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා කෙටි නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙම නාට්‍ය උළෙල සඳහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන අයුරින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම තෝරාගනු ලබන නාට්‍ය ඇතුළත්ය.

    එම නාට්‍ය පවත්වන දින සහ වේලාවන් මෙසේය

    සුදත් අබේසිරිවර්ධනගේ ගිනි මලේ ගිනි නාට්‍යය පෙබරවාරි 15 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    ඩබ් එස් විජේසිංහගේ ගලේ පිපෙන මල් නාට්‍යය පෙබරවාරි 16 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    නිලංක නිසලාංජල් රගේ අතරමැදියා නාට්‍යය පෙබරවාරි 17 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    අකිල සපුමල්ගේ මඟුල් කපුවා නාට්‍යය පෙබරවාරි 18 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    ධර්මප්‍රිය ඩයස්ගේ මම නෙවෙයි වෙන කෙනෙක් නාට්‍යය පෙබරවාරි 19 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    හේවගේ බන්දුලගේ විජයන්තිමාලා නාට්‍යය පෙබරවාරි 20 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    සංජීව උපේන්ද්‍රගේ සාක්කිකාරි නාට්‍යය පෙබරවාරි 21 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    සචිත්‍ර රාහුබද්ධගේ හස්තිරාජ මහත්තයා නාට්‍යය පෙබරවාරි 24 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    ඒ විමලරාජ්ගේ පරපිලන්ද වන්නතිප්පුච්චි දමිළ නාට්‍යය පෙබරවාරි 25 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    ඒ සත්‍යනන්දම් සහ එස් ප්‍රදීප් ගේ මන්කුලිතු නාට්‍යය පෙබරවාරි 26 වැනිදා පස්වරු 06.30ට පැවැත්වේ

    news.lk

    Latest News