ගින්නෙන් දැවුන සිත් වෙනුවෙන් ප්‍රසංගයක්

පෙබ 17, 2020

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඊයේ විශේෂ සංදර්ශනයක් පැවැත්විණ. ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ ඔස්ට්‍රේලියාව ඒ සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් අදාළ ප්‍රසංගය සංවිධාන කළේය.

    ඇඩම් ලැම්බර්ට් ප්‍රමුඛ සුප්‍රසිද්ධ ක්වීන් සංගීත කණ්ඩායම,බ්‍රයන් මේ ඇලිස් කූපර් සහ රොනාන් කීටින් ප්‍රමුඛ කලාකරුවන් විශාල පිරිසක් ප්‍රසංගයට එක්ව සිටියේය. ඒ සඳහා සහභාගී වූ ඔස්ට්‍රේලියානු විකට නළුවෙකු වන සෙලෙස්ටේ බාබර් ගිනි නිවීමේ කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදුන් ගිනි නිවන භටයින්ට සිය ස්තූතිය පුද කළ අතර, අගමැති ස්කොට් මොරිසන් පිළිබඳව සඳහන් කළේ, උපහාසාත්මක ස්වරූපයකින්. ප්‍රසංගයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9.5ක මුදලක් එකතු වූ අතර ඉදිරි දිනවල දී ඊට තවත් අරමුදලක් එක්වනු ඇතැයි, සංවිධායකයින් අපේක්ෂා කරයි.

    ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව ලැවිගින් හේතුවෙන් අසාමාන්‍ය ලෙස පීඩාවට පත්වූ අතර හෙක්ටයාර මිලියන 12කට අධික ප්‍රමාණයක් ඉන් විනාශ විය. මියගිය සංඛ්‍යාව ද 33ක් ලෙස සැලකෙන අතර බිලියනයකට අධික සතුන් මිය ගියේය.

     110921837 059977550 1

     110921655 059977908 1

     110921653 059977959 1

     110925763 hi059979414

     110921839 059977703 1

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 08:52

    Latest News