92 වැනි 'ඔස්කාර්' සම්මාන උළෙල ඇරඹේ

පෙබ 10, 2020

    92 වැනි ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

    සම්මාන උළෙල පැවැත්වෙන්නේ අමෙරිකාවේ හොලිවුඩ් හි ඩොල්බි රඟහලේදී. සුප්‍රසිද්ධ ඔස්කාර් සම්මාන උළෙල ඇකඩමි සම්මාන උළෙල ලෙස ද හඳුන්වයි. මෙවර සම්මාන උළෙලේ දී ජෝකර් චිත්‍රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වී ඇතතේ, සම්මාන උළෙල තුළ වඩාත් කැපීපෙනෙන නිර්මාණයක් බවට පත්වෙමින්. වන්ස් අපෝන ටයිම් ඉන් හොලිවුඩ් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පි බ්‍රැඩ් පීට් හොඳම සහාය නළුවාට හිමි සම්මානයේන මෙවර පිදුම් ලැබීය. එසේම ලෝරා ඩර්න් හොදම සහාය නිළිය සම්මානය හිමි කරගත්තේ මැරේජ් ස්ටෝර් චිත්‍රපටයේ දැක්වූ රංගන කුසලතාවයටයි.

    ඉකුත් වසරේ මෙන්ම, මෙවර සම්මාන උළෙල ද ජනප්‍රිය ගීතයකින් ආරම්භ කෙරුණු අතර සම්මාන උළෙලේ රතු පලස මත ජනප්‍රිය තාරකාවන් රැසක් දක්නට ලැබිණ.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 10:56

    Latest News