‍‍අමෙරිකාව, ලබන මාසයේ සිට චීනයෙන් ආනයනය කරනු ලබන මෘදුකාංග සහ දුරකථන කොටස් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසි මතභේදාත්මක ආසියානු චාරිකාවක් ආරම්භ කර තිබෙනවා.

තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව දරන ස්ථාවරය පිළිබඳව චීනය නොසතුට පළ කර තිබේ. චීනය පවසන්නේ, අමෙරිකාව ගින්දර සමග සෙල්ලම් කරන බවයි.

අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතු සදහා ඩොලර් මිලියන 150ක ආධාර ලබාදිමට පියවර ගෙන තිබේ.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා කළු ජාතික විනිසුරුවරියක පත් කිරීමට එරට සෙනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ, අද සිදුවූ අනතුරකින්, 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 80,000 ඉක්මවයි. සෞඛ්‍ය සහ විද්‍යා ආයතන පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එරට ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ප්‍රබල ලෙස පැතිර යන බවයි.

ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු කොරෝනා වෛරසය ප්‍රභේදයක් අමෙරිකාවේ ඇතිවීමේ අවදානමක් පවතින බව එරට වෛරස පිළිබඳ විශේෂඥ සහ ධවල මන්දිරයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනී ෆවුචි අනතුරු අඟවයි.

අමෙරිකාව තුළ ජනගහනයෙන් 50%ක් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනූව මිලියන 165කට වැඩි පිරිසක් අද වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.