දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර 20 ලබන සඳුදා වන විට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රැකියා සඳහා කොළඹ-කොටුවට පැමිණෙන මගීන්ට පහසුකම් සැපයීම සඳහා අද දුම්රිය 10ක් ධාවනය සඳහා යොදවා තිබිණ.

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

දකුණු පළාතට පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග ගාල්ල සිට ඉදුරුව දක්වා සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය ධාවනය කෙරිණ. බලපිටිය, අහුංගල්ල, කොස්ගොඩ දුම්රිය ස්ථානවල මගීන් නොසිටි අතර, ඉදුරුව දුම්රිය ස්ථානයෙන් මගීන් කිහිපදෙනෙකු බැස යන අයුරු දක්නට ලැබිණ.

පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග ඇඳිරිනීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය ධාවනය කෙරිණ.

දුම්රිය ප්‍රමාදය හා එම ක්ෂේත්‍රයේ සේවක හා අනෙකුත් ගැටළු රැසක් විසඳීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

රටක සංවර්ධනයට වැඩ කරන ජනතාවගේ කාර්යක‍ෂමතාව තීරණාත්මක සාධකයක්. එවැනි සේවාවක් සැලසීමට යටිතල පහසුකම් නිසියාකාරයෙන් සපුරාදීම බලධාරීන් සතු වගකීමක්.
පැමිණිලි හා යෝජනා කොතරම් ඉදිරිපත් කළත්, කාර්යක්‍ෂම නොවන සේවාවක් පිළිබඳවයි මේ....

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.‍

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.