රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබුනත්, ලැබු ජයග‍්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දුනී.

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිතිතුමා පවසයි.

උදා වූ නව වසරේ කටයුතු අරඹමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන උදාවන නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

සියලූදෙනාගේ ප‍්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙසයි.

මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටුකිරිමට සියලූ පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. 

ශ්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාපති වෙත භාරදී තිබේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම යෙදී මරණ දඬුවම ලැබු සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය රටේ, ජාතියේ සහ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.