ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිමි ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ත‍්‍රස්ත උවදුර සම්පූර්ණයෙන් රටින් තුරන් කර රට තුළ සාමකාමී සහ නිදහස් පරිසරයක් කඩිනමින් ස්ථාපනය කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා භාරගන්නා බව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළා දැක තිබේ.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ජීවිත අවධානම නොතකමින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැගීමට බව පවසන ජනාධිපතිතුමා කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව අවධාරණය කරයි.

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැඳි සිටින බව ජනාධිපතිතුමා පවසයි. අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැඟීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනිමට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස “සුජාත දරුවෝ“ ලෙසින් මාර්තු 15 වනදා සිට ආරම්භ කෙරේ.

මැතිවරණ වර්ෂයක් වු මෙම වසරේ දේශපාලනඥයින් මැතිවරණ සටන්වල නිරතව සිටියද, ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ඇති කිරිමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි.