සියලූ පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මගින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ මාසික සමාලෝචනයේ පළමු හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීම් සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙයි.

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බලසේනා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටු කළ සුවිශේෂී වූ සේවාවට උපහාර පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ‍්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්‍ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත‍්‍රස්ත අභියෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතිඥා දෙයි.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනපතිට අපහස වන අන්දමේ සහ රාජ්‍ය විරෝධි වචන, ජාතික සමගියට බාදා වන අන්දමින් මුද්‍රණය කල පත්‍රීකා 600 ක් තැපැල් කිරිමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි පුද්ගලයින් 03 ක් කොටුව පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකීක ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන මුහුණ ආවරණය කිරීම හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.