පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම හා එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රශංසාව පළ කර සිටී. එම ප්‍රශංසාව පළ කරමින් තිළිණයක් ද මහලේකම්වරයා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති වෙත පිළිගන්වනු ලැබීය.

දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාවේ පසු විමර්ශන කටයුතු සඳහා සහය ලබදෙන ලෙස ඉන්ටර්පොල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහිදී මහලේකම්වරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදුන් සහය ඇගැයීමට ලක් කළේය. මෙහිදී මහලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරින් ඉතා ඉහළ වෘත්තිමයභාවයකින් ක්‍රියාකරන බවත් ඉන්ටර්පොල් විශේෂඥයන්ට අවශ්‍ය පුර්ණ සහය ඔවුන්ගෙන් හිමි වූ බවත්ය.

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මුල්‍ය අපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු අදාළ මෙහෙයුම් සඳහා තවදුරටත් සහයවන ලෙස ජනාධිපතිතුමා මෙහි දී ඉන්ටර්පෝල් මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන බවට ද මහලේකම්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබාගැනීම, නීතිය බලගන්වන නිලධාරින්ට අවශ්‍ය විශේෂ දැනුම ලබාදීම ආදි කටයුතු සඳහා ඉදිරියේ දී ගිවිසුමටකට එළැඹීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ඉන්ටර්පෝල් සහකාර අධ්‍යක්ෂ කරෙල් පෙලාන් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන “විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ දී පැවැත්විණි.

මහජන ආරක්ෂාව සඳහා දිවයිනම ආවරණය වන පරදි ආරක්ෂක හමුදාවන් යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ෆයිසාල් කාසීම් සහ අලි සහීර් මවුලානා සෙයිඞ් යන මහත්වරුන් අද (23)දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හි දිවුරුම් දී තිබේ.

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපතිතුමා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

 

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

ථෙරවාදි බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) කාම්බෝජයේ දී වැඩසටහන් කිහිපයකට එක් විය.

ජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසයි.