අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දි තිබේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අදත් තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති අපනයන සම්මාන උලෙළ අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෘත්තියවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ දී පැවැත්විණි.

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

දුගී බව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපතිතුමා පවසයි. උතුම් මහමත්තුමාගේ ඉගැන්වීම ද එය බව ජනාධිපතිතුමා සිහිපත් කළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමිනි.

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.