පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අද උදේ ගින්නක් හට ගත්තා. ඉන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ.

උගන්ඩාවේ දෘෂ්‍යාබාධිත ළමා පාසලක ඇතිවූ ගින්නකින් ළමයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

නුවරඑළිය, ලවර් ස්ලිප් ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25)  පස්වරුවේ ගිනිගැනීමට ලක්වුණා. 

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක අද පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ. 

තොටළඟ - කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

බදුල්ල - මීගහකිවුල, ගල්කඩේ මාර්ගයට ඉහළින් පිහිටි හිඟුරුගොඩ රක්ෂිතයට අද අළුයම කිසියම් පිරිසක් ගිනිතබා තිබේ. ගින්න මේ වන විටත් පැතිරයමින් පවතින බවයි,අප වාර්තාකරු පවසන්නේ.

රටපුරා ඊයේ දිනයේ සිදුවූ කළහකාරී සිදුවීම් අතර තුර දේශපාලනඥයින්ගේ නිවාස රැසකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි නිවසට හා කාර්යාලයට දැඩි අලාභහානි සිදුකර තිබේ. ගිනි තැබීමෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ විය.

කොළඹ - 13, බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයේ, ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

අධිතාක්‍ෂණික ගිනි නිවීම් සහ ආපදා රථ 15ක් පළාත් පාලන ආයතනවලට බෙදාදීම අද (18) සිදු කෙරුණා.

පිටකොටුව පරණ යොන් වීදියේ ඩයමන්ඩ් ගොඩනැගිල්ලේ අද දහවල් 12.50ට පමණ ගින්නක් හටගෙන තිබේ.