රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබිණි.
අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය පැය 48 තුළ දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000ක පිරිසක් යෙදවූ බව, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
ගෝලීය ත්රස්තවාදයට එරෙහි සටනට දේශපාලන නායකත්වය ඉතා වැදගත් බවත් එය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලර්ස් පවසයි.
පසුගිය දශකය මුළුල්ලේ සාමය හා නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්රහාරයක ඉලක්කය බවට පත්වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
පුද්ගල අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දක්නට හැකි විශාලතම ඇතකු ලෙස සැලකෙන මහසෙන් නොහොත් සෝමාවතියේ දළ පූට්ටුවා මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී දැකිය හැකියි.
ත්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
සන්නිවේදන කටයතු සඳහා භාවිත කළ හැකි බවට විශ්වාස කෙරෙන උපාංග සමඟ සැකකරුවකු රත්මලාන පිරිවෙන පාරේදී අත්අඩංගුවට ගැනේ.