"DLB සත්කාර" බදුල්ලේ

ඔක් 02, 2019

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම-මහත්මීන් වෙනුවෙන් "DLB සත්කාර" තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කඳවුරු මාලාවේ තවත් අදියරක් බදුල්ල දිස්ත්‍රික්කයේ දී පසුගියදා පැවැත්විණි.

    මෙම වෛද්‍ය කඳවුර 06 වැන්නයි. එමගින් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගෙන තිබේ. වෛද්‍ය පරීක්‍ෂණ හා උපදෙස් ලබාදීම හා ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරිණ. අක්‍ෂි සායනයකින් ඇස් කණ්නාඩි ලබාදීම ද සිදුකර තිබේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පෙරුම, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 19:22

    Latest News