ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නඩත්තු අංශයට නව පාරිභෝගිකයෙක්

සැප් 24, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය හෙවත් ගුවන් යානා නඩත්තු සහ අලුත්වැඩියා ඒකකයට [Maintenance Repair & Overhaul (MRO)] නව පාරිභෝගිකයෙකු එකතු වී සිටියි.

    ඒ "එයාර් සීෂෙල්ස්" Air Seychelles) සමාගමයි.

    ඒ අනුව බණ්ඩාරනායක ගුවන් තොටුපලේ A320/A321 ගුවන්යානා රැඳවුමේ (A320/A321 Hanger) එයාර් සීෂෙල්ස් සමාගමට අයත් A320 වර්ගයේ එයාර්බස් ගුවන් යානයක ‘A-check’ වර්ගයේ නඩත්තු කටයුත්තක් සිදු කරනු ඇත.

    ලොව ඉහළ පෙළේ තත්ව සම්මාන කිහිපයක් ලබාගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය, දකුණු ආසියානු කලාපයේ ගුවන් යානා නඩත්තු අංශයේ (MRO) ඉහළ නමක් දිනා සිටියි. එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයට (SriLankan Engineering) සීෂෙල්ස්, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් සහ බහරේන් ඇතුළු රටවල අනුමැතිය ද හිමිව තිබේ. තවද ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු සියළු ගුවන් යානාවල නඩත්තු කටයුතු සිදු කරයි.

    විවිධ ප්‍රමාණයේ යානා සඳහා නඩත්තු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය සතු A320/A321 ගුවන්යානා රැඳවුම (A320/A321 Hanger) සහ එහි ප්‍රධාන රැඳවුම මෑතකදී නවීකරණය කෙරිණ.

    Latest News