ගෝලීය රොබෝ වෙළඳපොළ ජයගත් චීන රොබෝවරු

අගෝ 21, 2019

    චිනය ඉකුත් වසරේ දී රොබෝ කට්ටල 150000කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබේ. එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ, එය ලොව සමස්ථ රොබෝ නිෂ්පාදනායෙන් 38% ඉක්මවන බවයි.

    චීන බලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බීජිං නුවර දී ඊයේ ආරම්භ වූ 2019 ලෝක රොබෝ සම්මේලන අමතමින්. මේ අවස්ථාවට එක් වූ චීන ඉලෙක්ට්‍රොනික් ආයතනය සඳහන් කළේ, මේ වසරේ දී ගෝලීය රොබෝ වෙළෙඳපොළ අමෙරිකානු ඩොලර් බිලියන 29.4ක් දක්වාද, චීන රොබෝ වෙළෙඳපොළ අමෙරිකානු ඩොලර් බිලියන 8.68ක් දක්වාද, ළඟා වනු ඇති බවයි. 2014 සිට 2019 දක්වා රොබෝ වෙළඳපොලේ වාර්ෂික වර්ධන වේගය 20.9%ක්.

    ඊයේ ආරම්භ කෙරුණු රොබෝ ප්‍රදර්ශනයට විශේෂිත, කාර්මික හා සේවා රොබෝවරුන් 700ක් පමණ ඉදිරිපත් කර තිබේ. දින 06ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් දී රටවල් 20කි රොබෝ වෘත්තිකයන් 4500කට අධික පිරිසක් තරගවදින බවයි, වාර්තා වන්නේ.

     

     

     

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 16:13

    Latest News