ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, සේවා අංශ 2019 ජූලි මාසයේදී අඛණ්ඩව ව්‍යාප්ත වේ

අගෝ 16, 2019

    මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ ශ්‍රී ලංකා මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව, නිෂ්පාදන හා සේවා යන අංශ දෙකම පසුගිය මාසයේ පුළුල් වූ අතර අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව තවදුරටත් යථා තත්ත්වයට පත්වී තිබේ.

    නිෂ්පාදන ක්‍රියාකාරකම් 2019 ජූලි මාසයේදී ඉහළ අනුපාතයකින් තවදුරටත් පුළුල් වූ අතර, දර්ශක අගය 55.7 ක් ලෙස සටහන් විය.

    එය 2019 ජුනි මාසයට සාපේක්ෂව දර්ශක ලකුණු 1.8 ක වැඩිවීමකි.

    නිෂ්පාදනයේ ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නව ඇණවුම්වල සැළකිය යුතු වැඩිවීමක් සහ පසුව නිෂ්පාදනයේ වැඩිවීමයි.

    විශේෂයෙන් ආහාර හා පානීය නිෂ්පාදන අංශයේ ඉහළ යෑමය.

    නව ඇණවුම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, පාස්කු ඉරිදා ප්‍රහාර වලට අදාළ බාධාවන්ගෙන් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමයි.

    Latest News