ශ්‍රීලංකන් හා MAS එකතුවෙන් ගුවන් මගීන්ට නව අත්දැකීමක්

අගෝ 02, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය, MAS හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එක්ව ලෝකයේ වඩාත්ම දියුණු මාංශපේශි සුවය සලසන ස්ප්‍රින්ග් (Spryng) උපාංගය ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත හඳුන්වා දි තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යපාරික පන්තියේ මගී අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව උදාවි ඇත. මෙය ස්මාර්ට් උපාංගයක් වන අතර එමගින් සංක්‍රමනික මගීන්ගේ සහ දිගුදුර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ගේ විඩාව සන්සිඳුවා ඔවුන්ට නව ජීවයක් ලබාදේ. ජාතික ගුවන් සේවයේ පියාසර කරන සියලුම ව්‍යාපාරික පන්තියේ මගීන්ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) සෙරෙන්ඩිබ් විවේකාගාරයේ දී මෙම අනුග්‍රහක සේවාව භුක්ති විඳීමේ අවස්ථාව සැලසා තිබේ.

    srilankanspryng1 px 900 19

    ශ්‍රීලංකන් හි වටිනා ගුවන් මගීන් අතිශය සතුටට පත් කිරීම සඳහා විවිධ ක්‍රම නිරන්තරයෙන් සොයමින් සිටින බව මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සදහන් කළේය. එසේම සෙරෙන්ඩිබ් විවේකාගාරයේ ගනුදෙනුකරුවන් වෙත මෙම විප්ලවීය අවස්ථාව ලබාදීම සඳහා MAS හෝල්ඩින්ග්ස් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද ඔහු වැඩිදුරත් පැවසීය.

    ස්ප්‍රින්ග් යනු MAS ව්‍යවපාරයේ උපාය මාර්ගික ව්‍යාපාරික ඒකකය වන (Twinery) විසින් වෙළඳපළට හඳුන්වාදෙන ලද පැළඳිය හැකි තාක්ෂණික හා ස්මාර්ට් උපාංගවල නවතම එකතුවකි. මෙම උපාංගය රැහැන් රහිතව ක්‍රියාත්මක කළ හැකිවේ. මෙය ස්වාභාවික මාංශ පේශි චලනය අනුකරණය කරමින් රුධිර සංසරණය උත්තේජනය කිරීම සහ සෛල වෙත ඔක්සිජන් සැපයුම වැඩි කිරීම මගින් පේශි වල හටගන්නා වේදනාව අඩු කිරීමට උපකාරීවේ. ව්‍යාපාරික පන්තියේ මගීන්ට සංචාරයට මිනිත්තු කිහිපයක් හෝ ගුවන් ගමනකට සූදානම්ව සිටින බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට ස්ප්‍රින්ග් මාංශ පේශි සහනය ලබා ගත හැනි වන අතර ඒ සඳහා ගතවනුයේ විනාඩි 15 ක කාලයක් පමණි.

    පේටන්ට් බලපත්‍රය හිමිකර ගැනීමට නියමිතව ඇති WaveTech සම්පීඩන තාක්ෂණය මේ සඳහා භාවිතා කර තිබේ. ස්ප්‍රින්ග් වෙහෙසකර ක්‍රියාකාරකම් වල නිරතවීම සඳහා වඩාත් සුදුසු වන අතර දිගුදුර ගුවන් ගමනක්, මැරතන් තරඟයක්, කාර්යාලයේ දිගුකාලයක් ගතකළ හෝ ශල්‍ය කර්මයක් සිදුකල අයෙකුට මෙම උපකරණය යෝග්‍ය වනු ඇත. මෙය ඉතා පහසුවෙන් අතේ ගෙනයා හැකි වන අතර නැවත ආරෝපණය කිරීමේ හැකියාව ද පවතී. පරිශීලකයන්ට සම්පීඩන ප්‍රමාණය වෙනස් කිරීමට සහ රටා දෙකක් අනුව තෝරා ගැනීමට හැකි වේ.

    සෙරන්ඩිබ් වි වේකාගාරය යනු ශ්‍රිලංකන් ගුවන් සේවයේ අලංකාර සහ සුවිශේෂීම ගුවන් තොටුපල විවේකාගාරය වන අතර එමගින් ව්‍යාපාරික සංචාරකයන්ගේ සියලුම අවශ්‍යතා සපුරාලනු ලබයි. දවසේ පැය 24 පුරාම සිය පාරිභෝගිකයන් වෙත සැහැල්ලු වාතාවරණයක් තුළ සේවා පහසුකම් ලබාදෙන සෙරන්ඩිබ් විවේකාගාරය අති නවීන පහසුකම් වලින් සමන්විත වේ.

    සෙරන්ඩිබ් විවේකාගාරය උණුසුම් හා ප්‍රණීත ආහාර පානවලින් සමන්විත වන අතර විවිධ වයින් වර්ග සහ පළතුරු යුෂ මෙන්ම ප්‍රභේද 16 කින් සමන්විත ශ්‍රී ලාංකික තේ රසය භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසී ඇත. ව්‍යාපාරික සම්බන්ධතා සහ මධ්‍ය ස්ථානයක් වන සෙරන්ඩිබ් විවේකාගාරය තුළ පෞද්ගලික විවේකාගාර, රූපවාහිනිය නැරඹීමට ස්ථාන ඇති අතර නිස්කලංක ප්‍රදේශයක පිහිටා තිබීමද විශේෂත්වයකි.

    srilankanspryng px 900 19 0

    Latest News