සංචාරක හෝටල් සංකීර්ණයේ දෙවැනි අදියර ඇරඹේ

ජූලි 29, 2019

    දකුණු පළාතේ ඉදි කෙරෙන විශාලතම සංචාරක හෝටල් සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් අද (29) ආරම්භ කෙරිණ.

    මහල් 20කින් යුත් මේ හෝටල් සංකීර්ණය කාමර 512කින් සමන්විත වේ. බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ හෝටලය ඉදි කෙරේ. ව්‍යාපෘතිය සංචාරක හෝටල් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන “ඉන්ඩෝලා“ සමාගමේ රුපියල් බිලියන 600ක ආයෝජනයක්. එය නම් කර ඇත්තේ “දුසිත් තානි ශ්‍රී ලංකා“ ලෙසයි. පළමු අදියරේ ඉදිකිරීම් මේ වනවිට අවසන්. ජාත්‍යන්තර මට්ටමේ අවන්හල්, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, සුපිරි වෙළෙඳ සංකීර්ණ ද හෝටලයට ඇතුළත්. එමගින් සෘජු සහ වක්‍ර රැකියා 1,000 බැගින් බිහිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඉන්ඩෝල් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News