ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ ...ඇමති බුද්ධික

ජූලි 24, 2019

    ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ඉදිරි මාස 6 ඇතුලත රටට හඳුන්වා දෙන බව, කර්මාන් හා වානිජ කටයුතු අමාත්‍ය බුදිධික පතිරණ මහතා පවසයි.

    2019 ව්‍යවසායක සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ශ්‍රී ලංකාවට වෘත්තිකයින්ට වඩා වෘත්තීන් බිහිකරන්නන්ගේ යුගයක් ඇති කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි, ඔහු පෙන්වා දෙයි. කර්මාන්ත බිහි කිරීමේ දී ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව ද වැඩි අවදානයක් යොමුකළ යුතු බව, අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පෙන්වා දෙයි.

    24 වන ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ වසරේ සම්මාන උළෙල 2019 “තිරසාර වර්ධන සඳහා නවෝත්පාදන හා ඵලදායිතාවය” යන්න තේමාව කරගනිමින් කොළඹ දී පැවැත්වෙයි

    කලාපීය ව්‍යාපාරික කුසලතා හඳුනාගැනීම කෙරහි මූලික වශයෙන් අවධානය යොමුකරමින් මෙම වසරේ සම්මාන උළෙලේ දී කටයුතු කිරීමට සළසනු ලබන බවත්, මෙවැනි සම්මාන උළෙලවල් පැවැත් වීම මඟින් දේශීය ව්‍යවසායකයින් නව මාවතකට ගෙන යමින් ලංකාවේ දැනට පවතින ගැටළුකාරී තත්ත්වයන්ට පිළිතුරු ලබා දීමට නුදුරේ දී හැකි වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මෙහිදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පවසනු ලැබීය.

    දේශීය ව්‍යාපාර ඇගයීමට ලක් කරන පළමු හා වඩාත් පුළුල් සම්මාන ක්‍රමය ලෙස FCCISL හි දිගු කාලීන ජාතික සම්මාන යෝජනා ක්‍රමය පිළිගනු ලබන අතර මෙම සම්මාන දේශීය අප්‍රකට ව්‍යවසායකයින් පිළිගැනීමේ පුරෝගාමී වශයෙන් කටයුතු කරනු ලබයි.

    හොදම ව්‍යවසායකයා ලෙස පසුගිය වසරේ ප්ලැටිනම් සම්මානය ලබා ගත් සක්‍යා අධ්‍යාපන සමුහ ව්‍යාපාරයේ අධිපති බණ්ඩාර දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ, තමා හට හොඳම ව්‍යවායකයා ලෙස සම්මානයට පාත්‍ර කිරීම, රට තුළ ලබා දුන් පිළිගැනීමට වාණිජ කර්මාන්ත මණ්ඩලයේ සම්මේලනයට ස්තුති කළ අතර, ඔවුන් ඉතා විනය ගරුකව හා විශ්වසනීය ව මෙම විනිශ්චයන් සිදු කරන බව පැවසු හෙතෙම, මෙවැනි සම්මාන ලබා දීම තුළින් සිදු කරන දිරි ගැන්වීම් අළුත් ව්‍යවසායකයින්ට ඉතාමත් වැදගත් අවස්ථාවක් වන බව ද පැවසීය.

    එමෙන්ම, ලංකාවේ මිලියන 21.4 ක ජනගහනයෙන් 2.8% ක පමණ සුළු ප්‍රමාණයක ව්‍යවසායකයින් සිටින බවත් එය ලංකාව වැනි රටකට අහිතකර තත්ත්වයක් වන බවත් මෙවැනි ව්‍යවසායකත්ව සම්මාන උළෙලවල් මඟින් නිරන්තර සිහින දකින ව්‍යවසායකයින්ට නව මංපෙත් විවර වීම සිදු වන බවත්, නව ව්‍යවසායකයින් යනු රටක ධනය වන උත්පාදනය කරන්නා වූ පිරිසක් බවත් ඒ මහතා වැඩිදුරත් කියා සිටියේය.

    ඵලදායිතාවය, මුල්‍ය ශක්තිය, නව්‍යතාවය, එකී ව්‍යවසායකයින්ගේ කළමනාකරණ විලාසය, රැකියා උත්පාදන ධාරිතාවය මෙන්ම භාවිතා කරනු ලබන තාක්ෂණය, අනෙකුත් ව්‍යවසායකයින් හා ඇති තරඟකාරීත්වය සහ ස්ථිරසාර බව යනා දී නිර්ණායකයන් මෙහිදී සැළකිල්ලට ගනු ලබන බව මෙහි දී වැඩි දුරටත් සඳහන් වීය.
    ඒ අනුව, FCCISL ප්‍රදානය සඳහා වසරේ ශ්‍රී ලංකික ව්‍යවසායකයා, වසරේ කාන්තා ව්‍යවසායකයා, වසරේ තරුණ ව්‍යවසායකයා සහ වසරේ වඩාත්ම නව්‍ය ව්‍යවසායකයා යන ඛාණ්ඩයන් ඔස්සේ මෙම සම්මානය ප්‍රදානය කරනු ලැබේ. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2019 ඔක්තෝබර් 31 දක්වා සිදු කෙරේ. එසේ හෙයින් තම දක්ෂතා පෙන්වීමට කැමති ව්‍යවසායකයින් හට මෙම සම්මාන උළෙල සඳහා අයදුම් කළ හැකි අතර, අයදුම් පත්

    www.fccisl.lk වෙබ් අඩවියෙන් හෝ අංක 17/1, 01 වන පටු මඟ, ගෝතමී පාර, කොළඹ 08 යන ලිපිනයෙහි ඇති FCCISL මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිය. වැඩිදුර විස්තර 011-2366997 හෝ 076-7823246 ඇමතීමෙන් ලබා ගත හැකිය. මාධ්‍ය සාකච්ඡාව සඳහා FCCISL හි සභාපති රුවන් එදිරිසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂර්ලි ජයවර්ධන, විධායක නිළධාරී FCCISL අජිත් ඩි.පෙරේරා, සහ මොබිටෙල් පුද්ගලික සමාගම වෙනුවෙන් අළෙවි කළමනාකර ඉසුරු දිසානායක යන මහත්ම මහත්මීහූ ද සහභාගී වූහ.

    Last modified on බදාදා, 24 ජූලි 2019 16:01

    Latest News