කාලගුණය වෙනස් වෙයි වැස්ස අඩු වෙයි

අගෝ 22, 2024
    පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
     
    මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 10:17

    Latest News