දකුණට කෝච්චියෙන් ගිහින් හමාරයි

ජූනි 13, 2024
    අද දින පානදුර සිට කොළඹ මරදාන බලා ධාවනය වන දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

    මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිරව ඇත. ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට තාවකාලික නවතා තිබෙනවා.

    මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජිණ දුම්රිය ද අද (06) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කිරීමට පියවර ගෙන ඇත.
     
    මුහුදුබඩ මාර්ගයේ අද දින දහවල් ධාවනය වන දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර දුම්රිය පිලී ගත කොට දුම්රිය ගමනාගමන කටයුතු සිදු කිරීමට යම් කාලයක් ගත වනු ඇති.

    Latest News