මහා ගංවතුර තත්ත්වයක්

ජූනි 02, 2024
    කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල - කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් සහ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

    මේ අතර නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබෙනවා.

    Latest News