අදත් හවසට වැස්ස වැඩිවෙයි

අප්‍රේ 01, 2024
    බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

    වයඹ සහ මධ්යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
     
    බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    Last modified on සදුදා, 01 අප්‍රේල් 2024 07:22

    Latest News