සීමාව පැන්න නඩු භාණ්ඩ

මාර් 04, 2024
    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 3440 ක් සමඟ සැකකරුවෙකු කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්රදේශයේ දී නාවික හමුදා භාරයට ගැනුණා.

    පාර්සල් එකසිය එකොළහක මෙම බීඩි කොළ ගබඩා කර තිබෙනවා. සැකකරු වයස අවුරුදු 29 ක් වන නොරොච්චෝල ප්රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
     
    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා.

    Latest News