අමුත්තන්ගේ සිත් පැහැරගත් රොබෝවරයා

පෙබ 27, 2024

    ලෝක ජංගම සම්මේලනය (MWC) 2024 පෙබරවාරි මස 26,27,28,29 යන දිනයන් වලදී බාසිලෝනා හිදී පැවැත් වෙනවා.

    ඊට සහභාගී වන අමුත්තන් හට කෘතීම බුද්ධියෙන් සැකසූ රොබෝවරු, දුරකථන ආදී ආකර්ෂණීය, නවීන අංගෝපාංග රාශියක් පරිහරණය කරමින් Virtual reality, Thinkbook ආදී අත්දැකීම් රාශියක් බෙදා හදා ගැනීමේ අවස්ථාව හිමි වුනා.

    ජංගම තාක්‍ෂණය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහා ලොව ප්‍රමුඛතම වෙළෙඳ ප්‍රදර්ශනය වන Mobile World Congress (MWC) මෙවර ප්‍රදර්ශනය මගින් ස්පාඤ්ඤයේ බාසිලෝනා හි 5G, AI නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

    මෙම වසරේ MWC හි ප්‍රදර්ශකයින් 2,400 ක් සහ කථිකයන් 1,100 කින් පමණ සමන්විත වන අතර, China Mobile, China Telecom, Huawei, ZTE, Lenovo, Xiaomi, iFlytek, microsoft,samsung වැනි සමාගම් 400 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වනවා.

    ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් සංවාද පැවැත්වීම සඳහා විශාල භාෂා ආකෘතියක් හා භාෂා ප්‍රමාණයක් භාවිතා කරන රොබෝවරයා පැමිණ සිටි සියලු අමුත්තන්ගේ සිත් ගත්තා.

    Last modified on අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 23:52

    Latest News