පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි

පෙබ 26, 2024
    බැංකුවලින් ගත් ණය ගෙවීමට නොහැකි වීමේදී දේපල පවරා ගැනීමට අදාළ "පරාටේ නීතිය" ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඒ අනුව, ලබන දෙසැම්බර් මස 15 වැනිදා දක්වා, එම නීතිය ක්‍රියාත්මක වීම අත්හිටවනු ඇති. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් හා දේපල, බැංකු හා මුල්‍ය ආයතන පවරා ගැනීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා.

    එය සැලකිල්ලට ගෙනයි, මෙම තීරණය ගෙන ඇත්තේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය ‍රමේෂ් පතිරණ යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව, මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට අනුමැතිය හිමිව තිබෙනවා.

    Latest News