මිනිස් මොළයට බද්ධ කළ චිප් එක

පෙබ 19, 2024

    ඇස් අන්ධ පුද්ගලයකුට හෝ අංශභාග රෝගියෙකුට, අත් පා අහිමි පුද්ගලයකුට වාහනයක් පැදවීම, පරිගණක ක්‍රීඩා වල නිරත වීම වැනි ක්‍රියාකාරකම් සිහිනයක් වූ කාලය අවසන්.

    Tesla, Space X හා X (කලින් Twitter) හිමිකරු බිලියනපති ඉලොන් මස්ක්ගේ Neutralink ආයතනය මගින් මිනිස් මොළයට බද්ධ කළ චිපයක් ආධාරයෙන් මිනිසුන්ට ඇති වන සංකීර්ණ රෝගාබාධ වලදී කෘතීමව සහය ලබා දේ.

    පුද්ගලයකුගේ මොළයේ මස්තිෂ්කයට සවිකරන චිපයක් හරහා එම පුද්ගලයාගේ සිතිවිලි පරිගණක හෝ දුරකථන මෘදුකාංග (Brain computer interface - මොළයේ පරිගණක අතුරුමුහුණතක්) සමග සම්බන්ධ කරමින් සිරුරේ චලන පාලනය කිරීම මෙහිදී සිදු වේ. සිතීමෙන් පමණක් ඔබට ඔබගේ පරිගණකය හා දුරකථනය පාලනයත් ඒවා හරහා ඔබට ඔබේ වෙනත් උපාංග පාලනය කිරීමටත් මෙහිදී අවස්ථාව හිමිවේ.

    හිසකෙස් වලටත් වඩා සියුම් කෙඳි 64ක් මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කෙරේ. ඒවා හරහා සිතුවිලි චිපයට ලබා දේ. ටෙලිපති නමින් හඳුන්වන මෙම චිපය හා කෙඳි, මොලයට ඇතුල් කිරීමේ සැත්කම විශේෂ රොබෝවකු මගින් සිදු කෙරේ. රැහැන් රහිතව ආරෝපනය කළ හැකි සියුම් බැටරියක් චිපයේ ස්ථාපනය කර තිබේ.

    මෙය මිනිසකුට සවි කිරීමට පෙර වඳුරකු හා ඌරකු යොදා ගනිමින් සාර්ථකව අත්හදා බලා තිබේ. එහිදී වඳුරා විසින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වන වීඩියෝව සමාජ මාධ්‍ය කැළඹුවා. 2016 වසරේ මානව අත්හදා බැලීම් ඇරඹු මස්ක්ට පසුගිය මැයි මාසයේ ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් මිනිසුන් සම්බන්ධ කර ගනිමින් අත්හදා බැලීම් කිරීමට අවසර හිමි වුනා.

    මීට දින කිහිපයකට පෙර චිපය සවි කළ පුද්ගලයා මේ වන විට යහපත් සෞඛය තත්වයකින් පසුවන බව වාර්තා වනවා.

    Latest News