උ.‍පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට සංවෘත දීමනාවක්

පෙබ 08, 2024
    2023 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට රුපියල් 2,000 ක සංවෘත දීමනාව ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    2022 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයට සහභාගී වූ පරීක්ෂකවරුන්ට රුපියල් 1,450 ක් ව පැවති අවම සංහෘත දීමනාව රුපියල් 2,000 දක්වා වැඩි කර ගෙවා තිබුණා.

    ඒ අනුව, 2023 අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන්ට ද එම දීමනාව ගෙවීමටයි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත්තේ.
     
    තවද, ඇගයීම් කාර්ය සඳහා සහභාගී වන ප්‍රධාන පාලක, සම පාලක පරීක්ෂකවරුන් සහ ප්‍රධාන හා අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්ට 2022 අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගෙවන ලද සංශෝධිත දීමනාව, 2023 අපොස උසස් පෙළ විභාගයේ ‍ඇගයීම් කාර්යයන් සඳහා ගෙවීමට ද අනුමැතිය ලැබී තිබෙනවා.

    Latest News