ඔබත් මේ පළාත්වල නම් පරිස්සමෙන්

ජන 31, 2024
    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයිනේ සෙසු ප්රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඌව, සබරගමුව සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News