ලොව විශාලතම සංචාරක ගමන් අරඹයි

ජන 28, 2024

    ලොව විශාලතම සංචාරක නෞකාව ඊයේ සිය මංගල ගමන ආරම්භ කළා.

    “අයිකන් ඔෆ් ද සීස්” නමැති මෙම නෞකාව, ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ “මියාමි” වරායේ සිට යාත්‍රා කිරීම ආරම්භ කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ලොව විශාලතම සංචාරක නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්”  නෞකාවේ හිමිකාරිත්වය “රෝයල් කැරිබියන්” සමාගම සතුයි. මෙම නෞකාව මීටර 365 ක දිගින් යුක්ත වනවා. තට්ටු 20 කින් සමන්විත බවයි වාර්තා වන්නේ.

    උපරිම වශයෙන් මගීන් 7,600 කට මෙහි ගමන් කළ හැකි බවද සඳහන්. 2,350 ක කාර්ය මණ්ඩලයක් ද මෙම නෞකාව සතුයි. පිහිනුම් තටාක 7 කින් ද යුක්ත වන මෙම නෞකාව ගොඩනැගීමට, ඩොලර් බිලියන 2 ක මුදලක් වැය වී ඇති බව සඳහන්.

    “අයිකන් ඔෆ් ද සීස්”  නෞකාව සතියක් නිවර්තන කලාපයේ දූපත් ආශ්‍රිතව යාත්‍රා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම නෞකාවෙන් අහිතකර මීතේන් වායුව නිකුත් වන බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇති බවයි.        

    Latest News