යළි ගංවතුර අනතුරු ඇඟවීමක්

දෙසැ 12, 2023
    නිල්වලා ගඟ දෝණියේ පහත් ප්රදේශ ආශ්රිත ජනතාවට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    නිල්වලා ගංඟා ද්රෝණියේ ඉහළ සහ මධ්යම ධාරා ප්රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි,වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්රදේශවල නිල්වලා ගග පිටාර තැන්නට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
    Last modified on අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 10:11

    Latest News