නුවරඑළියට ගිය වැස්ස කොළඹට 1ට එයි

දෙසැ 12, 2023
    නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි,එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .

    දිවයිනේ සෙසු ප්රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
     
    මධ්යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    බස්නාහිර, සබරගමුව, මධ්යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News