හවසට එළියට යනවනම් පරිස්සමෙන්

දෙසැ 07, 2023
    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසනවා.

    මධ්යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ සඳහන් වනවා.

    මධ්යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.
     
    බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News