'මිජවුම්' ඉන්දියාවට ගියත් ලංකාවට වැසි වස්සයි

දෙසැ 06, 2023
    බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්රා ප්රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්රමයෙන් දුර්වල වෙමින් පවතිනවා.

    ඒ අනූව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බවයි,කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    සබරගමුව, මධ්යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
     
    සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News