කුණාටුවෙන් බේරෙන්න පිරිස් ඉවත් කිරීම ඇරඹේ

දෙසැ 05, 2023
    බෙංගාල බොක්ක මුහුදු කලාපය අශ්රිතව හට ගත් "මිජවුම්" සුළි කුණාටුවෙන් මේ වන විට තමිල්නාඩු සහ අන්ද්රා ප්රදේශ් ප්රාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

    21,000 ක පමණ පිරිසක් එම ප්රදේශවලින් ඉවත් කිරීමට ද පියවර ගැනුණා.

    චෙන්නායි ගුවන්තොටුපොළ වසා දමා ඇති අතර, දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා. චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්රදේශ ජලයෙන් යටවී ඇති අතර, ගස් කඩා වැටීම් සහ විදුලි සැර වැදීම් හේතුවෙන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි, වාර්තා වනවා.
     
    අන්ද්රා ප්රදේශ්හි ඇතැම් ප්රදේශවලට රතු නිවේදන නිකුත් කර ඇති අතර, පාසල් සහ ආයතන රැසක් වසා දමා ඇති බව, රජය නිවේදනය කර තිබෙනවා.
     
    ඉකුත් පැය 24 තුළ උතුරු තමිල්නාඩු, තෙලන්ගානා, ඔඩිෂා යන ප්රාන්තවලට ද වැසි සහ සුළං අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
     
    පංජාබ්, හරියානා, චන්දිගාර්, උත්තර් ප්රදේශ්, නැගෙනහිර රාජස්ථාන්, ප්රදේශවල දැඩි මීඳුම් සහගත තත්වයක් ද පවතිනවා. "මිජවුම්" සුළි කුණාටුව පැයට කිලෝ මීටර 110 ක වේගයෙන් අන්ද්රා ප්රාන්තයට අද දහවල් 12.00 පමණ වන විට කඩා වදිනු ඇති බවයි, ඉන්දීය කාලගුණ විද්යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.

    Latest News